අනතුරු අවම කර ගන්න පොලිසියෙන් විශේෂ වැඩසටහනක්

බස්නාහිර පළාතේ අනතුරු සහ මාර්ග අවහිරතා අවම කර ගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

මේ අනුව ඊයේ (01) සිට ලබන 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහිදී වැරදි කිහිපයක් හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව පොලිසිය නිවේදනය කළා.

රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය, වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම, ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම, මාර්ග නීති උල්ලංඝණය කිරීම, වටරවුම් ආශ්‍රිතව සිදු කරන වැරදි, පදික මාරුවල සිදු කරන වැරදි, මන්තීරු මාරු කරමින් ධාවනය, විදුලි සංඥා පුවරු ආශ්‍රිතව සිදු කරන වැරදි සහ බස් නැවතුම්පළවල සිදු කරන වැරදි ඊට අයත්.

එමෙන්ම තහනම් ප්‍රදේශවල රථ වාහන නවතා තැබීම, ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය සම්බන්ධයෙන් ද මෙම කාලය තුල විශේෂයෙන් අවධානය යොමු කෙරෙනවා.

Police1
Police2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?