අනතුරු අවම කරගන්න පොලිසියෙන් මහ රෑ රියදුරන්ට දන්සැලක් (ඡායාරූප)

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රාත්‍රී කාලයේ රථ වාහන ධාවනය කරන රියදුරන්ට තේ පැන් ලබාදීමේ දන්සැලක් සූරියආර ප්‍රදේශයේදී පැවැත්වුණා.

රාත්‍රී කාලයේ ධාවනය කෙරෙන රථ වාහන නතර කර එම රියදුරන්ට තේ පැන්වලින් සංග්‍රහ කර අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ද සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උඩවලව තණමල්විල මාර්ගයේ පැවති මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ දරු දැරියන්ගේ දක්ෂතා එළිදක්වන ප්‍රාසාංගික වැඩසටහනක් සහ පැදුරු පාටියක් ද පැවැත්වුණා.

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක කමිටුව එක්වයි මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?