අනතුරක් සිදුකර පලාගිය රියදුරෙකුට ගුටි පූජාවක් (ඡායාරූප)

දිවුලපිටිය 12 කණුව ප්‍රදේශයේදී කාන්තාවක් යටකරගෙන පලාගිය වෑන් රථ රියදුරෙකු අල්ලා පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

අනතුරට පත් කාන්තාව මේ වනවිට බරපතල තත්වයෙන් කොළොඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ සවස දිවුලපිටිය සිට මරදගහමුල දක්වා කාන්තාව යතුරු පැදියකින් යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථය ඇය ගමන් ගත් යතුරු පැදිය පසුකර යෑමට උත්සහ කිරීමේදී එහි ගැටී තිබෙනවා.

අනතුරෙන් යතුරු පැදිය පෙරලි ගොස් කාන්තාව වෑන් රථයේ යට සිරවී ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වන්නේ.

නමුත් වෑන් රථය ඒ මොහොතේ නොනවත්තා ධාවනය කර ඇති අතර ප්‍රදේශවාසීන් දුරක් ලුහුබැඳ ගොස් රියදුරු අල්ලා ගනු ලැබුවා.

අනතුරුව ඔහුට පහරදී පොලිසියට භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණා.

පහර කෑ පුද්ගලයා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන්නේ ගම්පහ මූලික රෝහලේ.

අනතුරට පත් කාන්තාව මරදගහමුල පදිංචි කරිනියක වන අතර ඇය බරපතළ තත්වයෙන් පසුවන බව පොලිසිය පැවසුවා.

vlcsnap 2023 03 13 11h52m07s291
vlcsnap 2023 03 13 11h52m26s385

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?