අධිවේගය භාවිතයේදී පරෙස්සමෙන්

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී අනතුරු අවම වන ලෙස සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

2022 වසරේ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 1764ක් සිදුව ඇති අතර ඉන් 13ක් මාරක අනතුරු බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.වී. එස්. වීරකෝන් මහතා කියාසිටියේ.

පසුගිය වසරේ සිදු වූ අනතුරුවලින් 25ක් බරපතළ අනතුරු බව ද ඔහු සඳහන් කළා.

අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ අලුත් අවුරුදු සමයේ යි.

දිනකට අධිවේගී මාර්ගවල වාහන 90,000ක් පමණ ධාවනය වන අතර අලුත් අවුරුදු සමයේ එය 140,000ක් දක්වා වර්ධනය වන බව සඳහන්.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ අධිවේගී මාර්ග භාවිත කරන පුද්ගලයන් පළමුවෙන් වාහනයේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව මාර්ගයට ප්‍රවිශ්ට විය යුතු බවයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන තිබේද? වාහනයේ කාර්මික දෝෂ තිබේදැයි සැලකිලිමත් විය යුතු අතර දුරකතනයෙන් කතා කරමින් විනෝද වෙමින් රිය පැදවීම රිය අනතුරු සිදුවීමට හේතුවක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිදිමත ගතියක් දැනෙන්නේ නම් ළඟම ඇති අන්තර් හුවමාරු වෙන් පිටතට යා යුතු බව ඔහු දැනුම් දෙනවා.

එමෙන්ම වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර මාර්ගයේ දර්ශනය වන සලකුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.

ඉදිරියේ අනතුරක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම් සිදු කරනු ලබනවා.

අද (13) හෙට (14) සහ අනිද්දා (15) විශාල වශයෙන් වාහන දක්ෂිණ අධිවේගී මාර්ගයට, ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගයට සහ මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයට ඇතුළත් කෙරෙන බවින් අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසට වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?