Empty Ad
AFC Banner
Empty Ad

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බෑගයක් හමු වෙයි

ඊයේ යාපනය පොලිසිය මගින් යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුල තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් සමගින් (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට චෙම්මිණි සුසාණ භූමිය අසල සැකකටයුතු පාර්සලයක් දමා ගොස් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව යුදහමුදාව, පොලීසිය , පොලිස් විශේෂ කාර් ය බලකාය අදාල ස්ථානයට ගොස් සිදු කරන ලද පරික්ෂාවකදී චෙම්මිණ සුසාණ භූමියට පිවිසෙන දොරටුව ආසන්නයේ සුදු පැහැති පොලිතීන් බෑගයක් තුල අදාල අධිබැලැති පුපුරණද්‍රව්‍ය තොගය තිබී ඇත. පසුව යාපනය අධිකරණ නියෝගයකට අනුව යුදහමුදාව සහ පොලිස් විශේෂකාර් ය බලකාය විසින් අදාල පොලිතීන් බෑගය පරික්ෂා කිරීමේදී බෑගය තුල තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 02 ක්, සේවානූල් මීටරයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 02 ක් තිබී සොයාගනු ලැබීය.

අදාල බෑගය (07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් එම ස්ථානයට දමන්නට ඇති බවට ආරක්ෂක අංශ විසින් සැක පල කරන අතරම බෑගය සුසාන භූමිය අසලට රැගෙන ආ අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැත. සොයාගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය අදාල ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිිබඳවත් රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳවද ආරක්ෂක අංශ විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?