අධිකරණ භූමියක සඟවා තිබූ ගිනි අවියක් හමුවෙයි

මිනුවන්ගොඩ අධිකරණ සංකීර්ණ භූමියේ කුණු ගොඩක සඟවා තිබූ මෙරට නිෂ්පාදනය කරන ලද පිස්තෝල වර්ගයේ කුඩා ගිනි අවියක් හමුවී තිබෙනවා.

අධිකරණ නියමයෙන් අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටි අයෙකු පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම ගිනි අවිය හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිතින් උරයක් තුළ බහා තිබූ මෙම අවිය දිරාපත් වෙමින් පවතින එකක් බව සඳහන්.

කිසියම් අපරාධයක් සඳහා මෙම අවිය අධිකරණ භූමියට රැගෙන විත් සඟවා තිබූ එකක් බවට පොලිසිය සැක කරනවා.

මිනුවන්ගොඩ අධිකරණයේ ප්‍රධාන ලිපිකරු සිදු කළ පැමිණිල්ල මත පොලිසිය භාරයට ගත් මෙරට එම කුඩා පිස්තෝල වර්ගයේ ගිනි අවිය අධිකරණ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?