පවත්නා ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුවට කිසියම් හෝ අනිසි බලපෑමක් කර ඇත්නම් ඔප්පු කලහොත් ඇඳුම් නොමැතිව ගෙදරයාමට සූදානම් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණයෙන් පවසා සිටිනවා.
අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
නීතිපතිවරයා ප්‍රමුඛ සමස්ත නීතිපති දෙපාර්තමේන්තුව සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට අද වනවිට ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන ආයතනයක් බවටයි මුජිබුර් රහුමාන් මහතා චෝදනා කර සිටියේ.
එයට පිළිතුරු ලෙසින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසා සිටියේ එවන් කිසියම් හෝ අනීතික අනිසි බලපෑමක් සම්බන්ධව හරි ආකාරව ඔප්පු කලහොත් තමන් කලිසම නොමැතිව ගෙදර යෑමට සූදානම් බවයි.