අද දිනයේ සිට රු10000/=ට ලබාදුන් යූරියා පොහොර මිටිය රු9000/= ට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා
රුපියල ශක්තිමත් වීමත් වියදම් අඩුකර ගැනීම මත ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකි වුණා
මෙම කන්නේ සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4500 කින් අඩුකර තිබෙනවා
සමහර නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා ගොවීන්ට නිසි වෙලාවට පොහොර නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙන බවත් ඉදිරියේදී ගොවි ජනතාවට සේවය කිරීමට කටයුතු නොකරන නිලධාරීන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට පසුබට නොවන බව ඇමතිතුමන් කියා සිටියා
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චෝදනා එල්ල කර පක්ෂයෙන් ඉවත් කර නැවත වෙනස් කිරීම සම්බන්ධයෙන් සහ කුරුන්දි විහාරයේ සම්බන්ධයෙන් ද අදහස් දැක්වීම සිදු කළා