අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර පාළු ළිඳක

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ පාළු ළිඳක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 29 ක තරුණයෙකුගේ මළ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා ඊයේ (13) පස්වරුවේ සිට නිවසින් අතුරුදහන් බවට මතුගම පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් මතුගම පොලිසිය සහ කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?