ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින කිහිපයක් සදහා රෝහලකට

අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින කිහිපයකට රෝහල් ගත කිරීමට සිදුවනු ඇති බව වතිකානය පවසනවා.

86 හැවිරිදි පාප් වහන්සේ පසුගිය දිනවල හුස්ම ගැනීමේ අපහසුතාවකට පත්ව ඇති අතර එය කොවිඩ් තත්ත්වයක් නොවන බව අනාවරණය වුණා.

ඔහුගේ ආරක්‍ෂාවට සමීපතම කාර්ය මණ්ඩලයක් රෝමයේ රෝහලේ රැඳී සිටීමට නියමිත බව ද වතිකානය පැවසුවා.

පාස්කු සති අන්තයට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බොහෝ කාර්ය බහුල වන බවත් ඔහුගේ නිරෝගී තත්ත්වය ඊට බෙහෙවින් බලපාන බවත් වතිකානය පවසනවා.

මෙම සති අන්තයේ ඉරිදා දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත අතර, ලබන සතියේ ශුද්ධ වූ සතිය සහ පාස්කු උත්සවය පැවැත්වීමට නියමිතයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අප්‍රේල් මස අගදී හංගේරියාවේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?