අත් කපා රැගෙන ගිය පුද්ගලයාට රැඳවුම් නියෝග

මොරටුව දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ දෙඅත් කපා රැගෙන ගිය පුද්ගලයා පැය 48 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශයට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එලෙස රඳවා ගැනීමේ නියෝග ලබා දුන්නේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුරු පියංකර පීරිස් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකුටයි.

පසුගිය 21 වනදා රාත්‍රී සැකකරු මොරටුව දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයකු පසුපස හඹා ගොස් කඩුවකින් පහර දී දෙඅත් වෙන් ලෙස මැනික් කටුව අසලින් කපා රැගෙන ගොස් අතුරුදන්ව සිටියා.

අද දින සැකකරු නීතිඥවරයෙකු සමග පැමිණ අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබා දෙනු ලැබුවේ.

සැකකරු නීතීඥවරයෙකු අතින් අල්ලාගෙන අල්ලා ගෙන අධිකරණයට භාර කිරීම සඳහා රැගෙන ගිය බව මොරටුව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි විදුලි කාර්මික අංශයේ රැකියා කරන පුද්ගලයෙකුටයි.

කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරු දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකු පසුපස හඹා යමින් කඩුවෙන් පහර දීම හේතුවෙන් මැණික් කටුව අසලින් අත් දෙක වෙන් වී තිබුණා.

වෙන් වූ අතේ කොටස් ඇඳ සිටි කමිසයේ දමාගෙන සැකකරු පළා ගොස් තිබූ බවටයි අනාවරණ වුයේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසියේ කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?