අද දිනයේ පාර්ලිමේන්තුව අසල පැවැත්වුණු විරෝධතාවයකදී අත්අඩංගුවට ගත් 12 දෙනෙක් මහරගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණයට යොමු කළා.
එම 12 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට මේ වන විට විශාල නීතිඥයන් පිරිසක් උසාවිය තුළ මේ වන විට රැදී සිටිනවා.
එම නඩුව විවෘත අධිකරණයේ නොගෙන නිල මැදිරිය තුළ ව්භාගයට ගැනීමටයි තීරණය කර තිබෙන්නේ. එහිදී නීතිඥවරු විශාල පිරිසක් නිලමැදිරියට පිටත්ව ගිය අතර තවත් පිරිසක් නිල මැදිරියේ ඉඩ නැති හේතුවෙන් අධිකරණ ශාලාව තුළ රැදී සිටිනු දක්නට ලැබුණා.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නිල මැදිරියේදී කරුණු දක්වමින් කියා සිටියේ විශ්වාසභංගය ගැන ලිපියක් බාර දෙන්න ගිය පිරිස අත්අඩංගුවට ගැනීම මගින් පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.