අඩු කොලිටියේ දුඹුරු සීනි කැවූ සුපිරි වෙළෙදසැලකට ලක්ෂ 04ක දඩයක්

2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොලේ අලෙවිකිරීමට තිබූ දුඹුරු සීනි සදහා වර්ණක යොදා තිබේද යන්න පරික්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙදසැලකින් සාම්පල ලබාගෙන පරීක්ෂණාගාර වෙත යොමු කිරීමට කටයුතුකර තිබෙනවා.

එහිදී, එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වීමත් සමඟ එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වර්ෂයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

ඒ, අනුව ඊයේ (19) දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් 400,000ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කරනු ලැබුවා.

මේ අතර කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල සුපිරි වෙළෙදසැල් ශාඛා තුනකට ද පසුගිය 18 වනදා රුපියල් ලක්ෂ දෙක බැගින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.

පසුගිය මාස දෙකක කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සුපිරි වෙළෙදසැල් 187 කට වැඩි ප්‍රමාණයක වැටලීම් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?