Empty Ad
AFC Banner
Empty Ad

අඟුරුවාතොට මව සහ දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද – ප්‍රධාන සැකකරුත් රෝහලේ

අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණ මවක් සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ ඝාතනයන් සම්බන්ධයන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

ඒ, සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු විසින් කතුරකින් උදරය ප්‍රදේශයට ඇණගෙන තුවාල සිදුකර ගැනීම හේතුවෙන්.

මෙහිදී සැකකරු පොලිස් නිලධාරියෙකුට ද කතුරෙන් පහරදීමට උත්සාහ කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පොලිස් අපරාධ බුද්ධි කොට්ඨාසය, අඟුරුවාතොට පොලිස් අපරාධ බුද්ධි කොට්ඨාසය, වරකාගොඩ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සහ නාවික බුද්ධික කොට්ඨාසය එක්ව සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.

ඒ, සැකකරු වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියාගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයා බවයි වර්තා වුණේ.

මෙම සැකකරු අදාළ කාන්තාව සහ දියණිය අතුරුදන් වූ පසු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබුණා.

අනතරුව මොහු ප්‍රදේශයෙන් පළාගොස් සිටි බවටයි තොරතරු වාර්තා වුණේ.

දින දෙකක පමණ සිට අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඇය පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (21) සොයාගනු ලැබුවා.

ඒ, වනවිටත් ඔවුන්ගේ සිරුරු සතුන් විසින් කා දමා හානිකර තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර දැරියගේ සහ මවගේ මෘත දේහ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ අද (22) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
19
+1
9
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?