spot_imgspot_img

අඟුරුවාතොට ප්‍රදේශයේ සැකකටයුතු මරණයක්

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක නියරක් මත තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර ඊයේ (19) සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරිය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

අඟුරුවාතොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?