Fly high Get bonus Aviator Phone

අඟුරුවාතොට ඝාතනයේ සැකකරු ලුණුගම්වෙහෙරින් අත්අඩංගුවට

අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ ඔහු ඝාතනය කළ දින හැඳ සිටි බව කියන ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුගේ පියා ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට සම්බන්ධ බව කියන මව සහ සොහොයුරෙක් ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි සඳහන්.

පසුගිය 17 වෙනි දින බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක දී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මග රැක සිටි සැකකරුවන් විසින් 36 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණා.

ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සොයා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?