spot_imgspot_img

අගෝස්තු මාසයේ දී බීඩි කිලෝ 6230ක් අත්අඩංගුවට

නාවික හමුදාව, අගෝස්තු මාසය තුළ පමණක් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, අත්අඩංගුවට ගත් බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ 6230 ඉක්මවා ගොස් තිබෙනවා.

සැකකරුවන් 09ක් සහ ඩිංගි යාත්‍රා 03ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අගෝස්තු මාසය තුළ ශ්‍රී ලංකා නාවික නෞකා විජය, තම්බපන්නි, කැළණි, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන් විසින් බටහිර සහ වයඹ මුහුද හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙම බීඩි කොළ සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, බීඩි කොළ සහ ඩිංගි යාත්‍රා තුන ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භරදී ඇතැයි සඳහන්.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට බීඩි කොළ රැගෙන ඒම අධෛර්මත් කිරීමත්, නීතියානුකූල ක්‍රමවේදයට අනුකූලව බීඩි කොළ ආනයනය කිරීම දිරිමත් කර රජයේ බදු ආදායම ශක්තිමත් කිරීමත් වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබනවා.

අගෝස්තු මාසය තුල පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය මඟින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 37 කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?