අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කළ ළගම හිතවතා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම් කාඩ්පපතක් භාවිත කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ගිණුමෙහි තිබූ මුදල් මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවයි.2005 වර්ශයේ සිට මේ දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ සියළු වැටුප් සහ ගෙවීම් බැර වී ඇත්තේ මෙම ගිණුමට බව කියවෙනවා.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

එසේ ලබා ගත් මුදල් තවත් ගිණුමකට බැර කල බව ඔහු පාපොච්චාරනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතු ව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයින් වෙනුවෙන් දහම් කතිකාවක් | දැවෙන සිතට දම් සිසිලක් | සජීවී විකාශය 🔴
00:00
Video thumbnail
කාලසටහනක් නිසා ලංගම ප්‍රයිවට් බස් දෙගොල්ලෝ ලොකු අවුලක්
08:06
Video thumbnail
පිටකොටුවේ වැසිකිළි ගාස්තු ජාවාරම
00:50
Video thumbnail
පාසලට යන්න පිටත් වෙලා බස් රථයට නැග්ග ගුරුවරියක් අතුරුදන්
01:09
Video thumbnail
සජිත්ට චාන්ස් එකක් දෙන්න ඕනේ - 2029 ජනපති සජිත්..?
04:40
Video thumbnail
තිස්ස ලුණු ඇඹුල් ඇතුව හොදටම දෙසයි - මාලිමාවට තියෙන අසනීපේ අපිට හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි
05:45
Video thumbnail
ආශු ආණ්ඩුවේ ගුණ වයයි - ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ
04:42
Video thumbnail
මෙන්න තවත් රජ ගේමක් - සාක්ෂි එක්ක හෙළිවෙයි - බලධාරීන්ගේ අවධානයට
08:43
Video thumbnail
මොළයක් නැති හරක් ද.. නාමල් කෝමාවට ගිහින් ද..?
04:38
Video thumbnail
අම්මෝ කාගේද මේවා..? සුපිරි යතුරුපැදි රැසක් ගබඩාවක් තුළ තිබි සොයාගැනේ
01:52


?