අක්‍රීය දුම්රිය ගේට්ටුවක් නිසා වවුනියාවවේ දුම්රිය අනතුරක්

වවුනියාව,දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදී බට්ටා වර්ගයේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අද (01) සවස් කාලයේ අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් කුඩා දරුවෙක්ද ඇතුළුව තිදෙනෙක් තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගය හරහා ස්ථාපිත මෙම දුම්රිය ගේට්ටුව නිසි ආකාරව ක්‍රියා නොකිරීම හේතුවෙන් බට්ටා වර්ගයේ ලොරි රථය දුම්රිය හරස් මාර්ගය ගමන් කිරීමට යාමේදී කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

ලොරි රථයේ ගමන්ගත් පියා,මව හා ගැහැණු දරුවෙක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් දුම්රිය ගමන් නොකිරීම නිසා මෙම අනතුර මාරාන්තික නොවූ බව පවසන ප්‍රදේශවාසීන් තවත් අනතුර සිදු වීමට පෙර හැකි ඉක්මනින් මෙම දුම්රිය ගේට්ටුව නිසි ආකාරව ක්‍රියාත්මක වන පරිදි එය සකස්කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?