අංගනාවන්ගේ පහස ලැබීමට ගිය පුද්ගලයාට අවසානයේ අත් වූ ඉරණම

රාජගිරියේ කොටා පාරේ, අතුරු මාර්ගයකදී වීදි ගණිකාවකගේ පහස ලැබීමට ගිය පුද්ගලයකුගේ ගෙල බැඳි රුපියල් එක්ලක්‍ෂ තිස්දහසක් වටිනා රන්මාලයක් කොල්ලකා පලාගිය දෙදෙනකු සොයා විමර්ශනයක් කරන බව වැලිකඩ පොලිසිය පවසයි.

ඉකුත් දා රාත්‍රි රාජගිරියේ කොටා පාර ප්‍රදේශයේ සේවය නිමවා නිවෙස බලා යමින් සිටි මෙම පුද්ගලයාට මහමඟ රැඳී සිටි වීදි ගණිකාවක් හමුවී ඇති අතර පසුව ඇය හා කුලුපගවී පහස ලැබීමට යාබද අතුරු මාර්ගයකට මෙසේ ගොස් ඇතැයි පැවසෙනවා. පසුව දෙදෙනා එම මාර්ගයේ රැඳී සිටියදී එක්වරම දෙපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම පුද්ගලයාට පහරදීමට තැත් කර ඇති අතර ඒ අතරතුරදී එහි සිටි එක් අයකු පැමිණිලිකරුගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගොස් තිබෙනවා. 

පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක් පරීක්‍ෂා කොට, ඉන් හඳුනාගත් වීදි ගණිකාවක් බව පැවැසෙන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අදාළ සිද්ධිය සැලසුම් සහගතව කළ එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ඒ අනුව කොල්ල කන ලද රන් මාලය රුපියල් ලක්‍ෂයකට බොරැල්ල ප්‍රදේශයේ අලෙවිසලකට උකස් කර තිබියදී සොයාගත් බවත්, එම මුදල් වැය කොට සැකකාරිය සැකකරුවන් දෙදෙනා හා එක්ව හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි.

 සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දෙදෙනකු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පැවසෙනවා. හෙරොයින් පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් සැකකාරිය මෙසේ වීදි ගණිකාවක් ලෙස කටයුතු කරන අතරතුරදී ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් හා දේපළ කොල්ලකෑමට සැකකරුවන් ක්‍රියාකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව බලය අල්ලපු නිසා නලින් බණ්ඩාරට ප්‍රෙෂර් වැඩිවෙයි
02:46
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
නීතිය අවභාවිතා කරලා තියෙන්නෙ - බන්ධනාගාරය් ඇතුලේ කරන් ගිය මාෆියාව මාට්ටු
09:16
Video thumbnail
අතුලට අයිති ලියුම අධිකරණයට ගියොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි
01:24
Video thumbnail
රටක්ම කළඹවන පුවත මෙන්න - වෙසක් දා අතුල කියලා කෙනෙක් හිරෙ හිටියේ නෑ
08:09
Video thumbnail
සුගීෂ්වර මහා පාර මැද පන්දමක් අරන් ඩෙගා නටයි
11:24
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40


?